රසම රස චොකලට් පෙත්තේ කතාව
රසම රස චොකලට් පෙත්තේ කතාව
පුංචි පුංචි රස දේවල් කන්න අපි කවුරුත්
ආසයි.පොඩි අය වගේම ලොකු අයත් රස දේවල් කන්න ආසයිනේ.චොක්ලට්
කියන්නෙත් ඒ වගේම රසම රස කෑමක්. ම්.......ම් .....මතක් කළත් කන්න ආසයි නේද? ඔබ කොයිතරම්
චොකලට් කෑවත්,චොකලට් පෙත්තේ කතාව අහල නෑ නේද?ඉතින් අද ඔයාලට ඒ කතාව දැන ගන්ඩ
පුළුවන්.කියවලාම බලන්නකෝ මේ චොකලට් පෙත්තේ කතාව.
චොකලට්වල උපත
චොකලට් පිළිබඳව මුල්ම ලිපිලේඛන හමුවන්නේ ක්‍රි.පු 1100 දී පමණ ය.ක්‍රි.පූ
1600 දී පමණ චොකලට් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ තිබේ.චොක්ලට් නිෂ්පාදනය කරනු
ලබන්නේ කොකෝවා ඇටවලින්,මෙම ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ‘තියබ්රොමා කොකෝවා’
යන්න යි.මීසෝ ඇමෙරිකානුවන් චොකලට් පානය කළ බවට සාධක හමුවේ.මායා ඇස්ටෙක් වැනි
ශිෂ්ටාචාරවල ද උත්සව කටයුතු සඳහා චොකලට් භාවිතා කර තිබේ.එමෙන් ම ඇස්ටෙක් ජනයා මෙය
xocolatl ලෙස හඳුන්වා තිබේ.එහි අරුත ‘තිත්ත පානය’ යන්න යි.ඔවුන් එසේ චොකලට් පානය
හඳුන්වන්නට ඇත්තේ ජලය සමග කොකෝවා එකතු කළ නිසා යයි විශ්වාස කෙරේ.මේ රසවත් පානය
පිළිබඳව යුරෝපීයයන් සහ මධ්‍යම ඇමරිකානුවන් දැනගත්තේ 16 වන සියවසෙන් පසුව ය.ඒ ක්රිස්ටෝපස්
කොලොම්බස්ගේ දේශගවේෂණයේදී ය.මෙම ගමනේ දී ක්රිස්ටෝපස් කොලොම්බස්ට හා ඔහුගේ පුත්‍රයාට
කොකෝව ඇට හමු වී තිබේ.ඝන චොක්ලට් මුල්වරට නිපදවා ඇත්තේ වසර 1847 ලන්ඩන්වල ය.
වෙළෙදපොලේ
දී අපට හමුවන චොක්ලට්,
මිල්ක් චොක්ලට් (milk chocolate)
මිල්ක් චෝකලට්වල කිරිපිටි සහ උකුකිරි අඩංගුය.එක්සත් රාජධානියේ සහ
අයර්ලන්තයේ මිල්ක් චොකලට්වල 20%ක් පමණ වියළි ඝන කොකෝවා අඩංගුය.එය යුරෝපයේ 25%ක්
පමණ වේ.
වයිට් චොකලට් (white chocolate)
වයිට් චොකලට් ස්වභාවයෙන් මිල්ක් සහ ඩාක්
චොකලට්වලට සමාන වුව ද එහි ඝන කොකෝවා අඩංගු නොවන නිසා බොහෝ රටවල් වයිට් චොකලට්,චොකලට්
ලෙස සලකන්නේ නැත.
ඩාක් චොකලට් (dark chocolate)
ඩාක් චොකලට් නිපදවන්නේ,කොකෝවාවලට මේද සහ සීනි එකතු කිරීමෙනි.යුරෝපිය නීති
අනුව අවම වශයෙන් 35%ක පමණ ඝන කොකෝවා මෙහි අඩංගු විය යුතු ය.ඩාක් චොකලට් ගුණදායක
ආහාරයක් ලෙස ද පිළිගැනේ.ඒ අධි රුධ්ර පීඩනය අවම කිරීමටත්,හදවතේ මනා ක්‍රියාකාරීත්වය
සඳහාත් ඩාක් චොකලට්වලට හැකියැයි විශ්වාස කරන නිසා ය.
චොකලට් සතු මෙම ඖෂධීය ගුණයට අමතරව,එය මතක ශක්තිය වර්ධනය කරන්නක් බවට ද
පිළිගැනේ.නමුත් කුමන ආහාරයක් වුව ද භාවිතයේ දී යම් සිමාවක් අවශ්‍ය ය.එසේ නොවුනහොත්
කෙතරම් ගුණදායක වුව ද පලක් නැත.එබැවින් නිසි පාලනයකින් යුතුව ආහාර රසකැවිලි ලබාගත
යුතු ය.
Wowwww 🍫
ReplyDeleteWoww....really good.....
ReplyDelete