ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම




                               ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම

                         
               


                                     
                  සිංහල රජ කාලයේ මෙරට පැවති විවාහ ක්‍රම ඉතා සරල ක්‍රම වශයෙන් පැවතිණ.විශේෂයෙන් මහනුවර යුගයේ පැවති විවාහ ක්‍රමය එවකට පැවති වැඩවසම් ක්‍රමය හා බැඳී පැවතිණි .එකල විවාහය කුටුම්බය වශයෙන් හැඳින්විය .මෙය එවක කුල ක්‍රමය සමග එකට බැඳී තිබු අතර විවාහය සිදු කෙරුණේ ආරථික ස්ථාවරත්වය ඇති කරගැනීම පිණිස ය.මෙසේ සරල ක්‍රමයක් ලෙස පැවති විවාහය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසුව ය.මෙයට පෙර විවාහය විවාහ ලේකම් කාර්යාලවල ලියාපදිංචි කිරීමේ සිරිතක් නොවී ය .ඒ වෙනුවට අනුගමනය කළේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමයි . මෙසේ විවාහ ක්‍රම පැවති  අයුරු රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් ය .එවකට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවතුණු විවාහ ක්‍රම මාතෘ මුලික හා පිතෘ මුලික යනුවෙන් ක්‍රම දක්නට ලැබුණි .එවකට පැවති සිංහල සම්මත විවාහ ක්‍රම පහක් පමණ විද්‍යමාන වේ.

                                     01.දීග විවාහය
                                     02.බින්න විවාහය
                                     03.සමගි විවාහය
                                     04.කඹුට විවාහය
                                     05.නවාතැන් දීමේ විවාහය

01.දීග විවාහය
                    මේ ක්‍රමය වනාහි මනමාලයා විසින් මනමාලිය තමාගේ වාසය කරන නිවසට කැඳවාගෙන යාමේ ක්‍රමයයි.මෙහි දී ඔහුගේ නෑදෑයන්ගේ අදහස්වලට අනුව ජිවත් විය යුතු අතර මේ විවාහ ක්‍රමය පවතින්නේ පුරුෂෝත්තම සමාජ ක්‍රමයක ය.මෙම මංගල උත්සවය පැවැත්වීමේදී විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි.

02.බින්න විවාහය
                    මේ විවාහ ක්‍රමය යටතේ පුරුෂයා බිරිඳගේ නිවසේ පදිංචියට යයි.යම් පවුලක එකම දියණිය නම් බින්න විවාහ ඇති වේ.මෙහි දී පුරුෂයින්ට ගේ දොරට හා එම දේපලවලට සීමිත අයිතියක් තිබිණ.එවැනි අයිතියක් කිව නො හැකි ය.මෙවැනි විවාහ ක්‍රමයකදී ගෘහපාලිකාව වන්නේ ගැහැනියයි.පුරුෂයා ඕනෑ ම වෙලාවක තම නිවසින් එළවා දැමීමට ඇයට හැකියාවක් ඇත.මෙවැනි විවාහ ක්‍රමයක් යටතේ දක්නට ලැබෙන්නේ මාතෘ මුලික සමාජ ක්‍රමයකි.ස්ත්‍රිය ප්‍රමුඛ පවුල් ක්‍රමයක් මෙහි දී ක්‍රියාත්මක වෙයි.

03.සමගි විවාහය
                   මේ විවාහ ක්‍රමය එකගේ කෑම වශයෙන් ද ප්‍රකට ය.මෙය සාමුහික විවාහ ක්‍රමයකි.එකට එක් වී හම්බ කරයි.එකම නිවසේ ජිවත් වෙයි.එසේ ස්ත්‍රියකට සහෝදරයින් කිහිප දෙනෙකු සමග ජිවත් වීමේ වරප්‍රසාදය ලැබෙයි.උපරිම වශයෙන් සහෝදරයින් හත්දෙනෙකු (7) සමග ජිවත් විය හැකි ය.මෙසේ සමගි විවාහයක් ඇතිවීමට නැදෑයින්ගේ කැමැත්ත අනුව ප්‍රථමයෙන් සම්මුතියකට එළඹේ.භෝජන සංග්‍රහයක් පවත්වෙමෙන් පසු ව මෙම විවාහ ක්‍රමය ක්‍රියාත්මක වේ.මෙසේ ජිවත්වීමේ දී ස්ත්‍රියට එක ම සහෝදරයෙකුවත් ප්‍රතික්ෂේප කළ නොහැකිය ය.මේ ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ විවාහ ජිවිතයේ දී ආරථික ස්ථාවරයක් ඇති කර ගැනීම හා දේපල නොබෙදී යාම යි.දේපළ සාමුහික ව පාවිච්චි කර යි.

04.කඹුට විවාහ
                     මෙහි දී පුරුෂයා අවුරුදු කිහිපයක් ස්ත්‍රියට අවශ්‍ය ආකාරයට ඇගේ දෙමව්පියන්ට බැල මෙහෙවර කළ යුතු ය.අනතුරු ව කඹුට විවාහය ඇති වේ.මෙය ද මාතෘ මූලික විවාහ ක්‍රමයකි.සියලු වරප්‍රසාද හිමි වන්නේ ස්ත්‍රියට යි.

05.නවාතැන්දීමේ හිරය
                      මෙම විවාහය ඉහත දැක් වූ විවාහ ක්‍රමයන්ට සමාන වන අතර මෙය ද මාතෘ මූලික සමාජ ක්‍රමයක් ලෙස දක්නට ලැබේ.එවකට මෙලෙස පැවති විවාහ ක්‍රම ක්‍රමයෙන් කාලයාගේ අවෑමෙන් වෙනස් වී වර්තමානයේ පවතින ආකාරයට පෞද්ගලික සංස්ථාවක් බවට පත් වුයේ බ්‍රිතාන්‍යන්ගේ පැමිණීමෙන් පසුව ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ නීති ක්‍රියාත්මක වීමෙන් අනතුරු ව ය.
                  

Comments

Post a Comment

Popular posts from this blog

අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී

තේරවිලි තෝරමු