තේරවිලි තෝරමු
තේරවිලි තෝරමු
කොණ්ඩේ
නැතිව නිතරම තෙල් ගගා
යති
කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති
නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති
මෙතුන් පදේ තෙරුවොතින් නුවණ ඇති
(
කොණ්ඩ
කැවුම )
කොයි පැත්තෙන් බැලුවත් ඇස පේන්නේ
කොයිකා අසු වුණත් දෙකටයි කැඩෙන්නේ
අත් දෙක නැති වුණත් පා දෙක තියෙන්නේ
මූ නැති වුණොත් මේ මගුලත් කැඩෙන්නේ
( ගිරය )
එරන් කුඹේ පිට ඉන්නයි කියාගෙන
උනා නිල් වරල පිට දිග හෙළාගෙන
කිරි ඇති දෙතන සළු සතකින් වසාගෙන
තෝරාපන් යාළු නුවණින් බලාගෙන
( බඩ ඉරිගු )
කටුවානෙන් කෙටුවා වැනි කොළේ සැටි
රතු නුලෙන් ගෙතුවා වැනි මලේ සැටි
තුන් මස පිරෙන විට කුකුළෙකු විතර ඇති
සාර මසට පැසෙනා ගෙඩි කියන් සකි
(
අන්නාසි )
අන්න බලාපන් අත්තක ඉඳලෝලු
පපුව පලාගෙන අඟනක් මද කාලු
කකා ගිය ලෙල්ල රස කර උයාලු
අද බැරිනම්
හෙට තෝරාපන්
යාලු
( ගොරකා )
අත්ත අගින් සුවිසි මල පිපෙන්නේ
නැට්ට ළඟින් කිරි වැදිලා පැසෙන්නේ
ඇටත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ
තෝරාපන් යාළු නුවණින් කියන්නේ
(දෙල් )
පොත්ත උඩින් සුදු පාටට දිලෙන්නේ
ඇන්න විටදී සරබර හඬ නගන්නේ
ඒ ඇතුළේ පිරිපුන් සඳ දිලෙන්නේ
නැට්ට නැති ගෙඩිය තෝරා එවන්නේ
(බිත්තරය )
දාර දෙකයි එක නම මුල් කර තැනුවා
පාර තිහක් තැළුවට බයකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මගදී දුටුවා
(ඉබ්බා)
Eka shoiii
ReplyDeleteThnk u
DeleteNiyamay
ReplyDeleteAwww..!!
ReplyDeleteThnk u..
Deleteelazzzz
ReplyDeleteNiyamaii
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThank you very much for helping me to solve these poems 🙏 🙏🙏🙏
ReplyDeleteThank you very much !
ReplyDelete