අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී


                        

  
අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී
              


                                                                

   

       
   
           ලෝකයේ අටවන පුදුමය ලෙසින් හැඳින්වෙන සීගිරි පර්වතය ආසියාව තුළ පමණක් නොව සමස්ත ලෝකය තුළ ද ප්‍රසිද්ධියට පත්ව ඇති අංගයක් වන්නේ එහි ඇති කුරුටු ගීත නිසාය. කාශ්‍යප රජු විසින් සකස් කරන ලදැයි අනුමාන කරන කැටපත් පවුර හෙවත් කැඩපත් පවුරේ මේ කුරුටු ගීත දැකිය හැකිය.මේ තුළින් එම කාලයේ  මිනිසාගේ සිතුම් පැතුම් හා සමාජ පසුබිම පිළිබඳව කරුණු අනාවරණය කෙරේ.
1.සෙළෙන් බැන්දී මෙයට් බෙයන්දිහි වන්දබයුන්
   නිරිඳු මළ නොමළ ඒ ගැහැනිත් අසාදනයත් කී වරප්

අදහස -
බෙයදෙහි වැන්දබුවෝ මෙහි ආ තැනැත්තන් වන්චනික ලෙස බන්ධනය කලාහුය.නිරිදා මියගිය කල්හි නොනැසූනඒ ගැහැණුන් අශ්‍රද්ධාවත් යයි කිවහොත් කවර වරදක්ද

        මේ සමාජයේ වූ තවත් ආකල්පයක් වූයේ පිරිමියා මියගිය ගැහැනිය තවත් පිරිමියෙකු දෙස හිස ඔසවා නොබැලිය යුතු බවයි. එම සම්මතය කඩ කරනු ලැබුවහොත් එවන් කාන්තාවන් අශ්‍රද්ධාවන්තියන් ලෙස හදුන්වනු ලබයි.

2.මගුණේ අග්ග්බෝයමි ලිමි
   නොමෙ  සැනැහැති බැවෙක් පෙනෙය
   බැලු බැලු ඇස්හි
   ඔහු මද කල්හි හයි නොකලහු අත්හි
   පි මල් දම්

අදහස -
බැලු බැලු ඇසකම සෙනෙහෙ ඇති බවත් නොම පෙනෙයි හා ඔහු මළ කල්හි පවා අත්හි ලු මල්දම් ඉවත නොදමුවාහුය.

මෙම කවියෙන් කියවෙන්නේ ස්වාමියා මියගිය කාන්තාවක් ප්‍රේමය ප්‍රකාශ කිරීම හෝ ප්‍රේමය ප්‍රකාශ කරන කිසිවක් ළඟ තබා ගැනීම ද සමාජයේ අප්‍රසාදයට හේතු වන බවකි.ඔවුන් ප්‍රේමය ප්‍රකාශ කරන සංකේත ලෙස දකින්නේ මල්ය.

3. කෙනෙම් තොප නොබෙනති දහම් ඇත්තන්
    අතුරෙහි ලයි
    නිරින්ද් ඉසිර වියේවැ පහයුත් නොතෝර්
    කොටි හින්නත්

අදහස -
ඔවුහු නොබෙනති. එසේ වුවද කවරක් නම් නිරිදා නමැති හිමියාගෙන් වියෝ වුව ද පළදනා ඉවත් කොට හිඳින තොප ගුණවත් අතරෙහිලා සලකයිද

       ස්වාමියා මියගිය පසු මෙරට කාන්තාවන් ඉතා සරල ජිවිතයක් ගත කරයි. ඔවුන් ආභරණ ආදියෙන් සැරසි සිටීම ලාන්කීය සමාජය අප්‍රිය කල සාධකයකි.එම සමාජ ධර්මතාවය ප්‍රකාශ කරන කවියක්ද සිගිරි කුරුටු ගී තුළින් හඳුනාගත හැකිය.


4. නැ තැප් ඒ කළු රුතු ගැළ හි හොවිත් බීමා
නොකෙල්ලන් වී යින් කියයි අසි කැරෙයිකීම 

අදහස -
මේ කාන්තාව සෘතුවීමක් නොමැති වුවද ඔවුහු වෙන්වී එහි වැටි බිම හොවිත් හා ඔවුන් කෙල්ලන් නොවන හෙයින් ඔවුන්ට කිමෙන් කුමක් සිහි කැරෙයිද

සිගිරි කුරුටු ගී තුළින් මෙරට සමාජයේ පවුල් සංස්ථාව පිළිබඳව ද අපිට තොරතුරු ලබාගත හැකිය. කාන්තාවන්ට මාසිකව ඔසප්වීම හෙවත් සෘතුවීමේ ක්‍රියාවලිය සිදුවන්නකි. මෙය සිදුවද්දී ඔවුන් තම ස්වාමියට ඇඳ දී තමා  බිම වැටි නිදාගැනීම සිදු කරයි.මෙවැනි චාරිත්‍රයක් මෙරට තිබු බව සිගිරි කුරුටු ගීත තුළින් හඳුනාගත හැකිය.

5. බිසෙරියේ වසැරියනු කලුන ගුණින යුන සඳ
බලනට රිසි මෙය නොවෙනි බෙය ද ගියනට

අදහස -
කතුන් අභිසරුවන් ලෙස හැසිරෙන අය වශයෙන් ගැනෙන කල බෙයදට ගිය වුවන්ට මෙය බැලීමට රිසියක් ඇති නොවෙයි.

        ක්‍රි .ව .8-10 අතර කාලය තුළ ගණිකා වෘත්තිය මෙරට සමාජය තුළ ක්‍රියාත්මක වූ බවට ද සිගිරි ගී තුළින් හඳුනා ගත හැකිය.   


  6. දිමුත් වරලසේ නිල් දුල්වන් මල් ගවසමින
     පැහැබර් තම සිනවින් රන්වන් අවන් සිත්ගත්

අදහස -
රන්වන් තැනැත්තිය දීප්තිමත් නිල කෙස් වැටියෙහි බබළන පැහැ ඇති මල් ගවසමින් තමාගේ පැහැබර සිනාවෙන් පැමිණියවුන් සිත් ගත්තාය.


7. දුටුවන් තම වී යන්නට් ආවේ සිහගිරි  
ගල්බෙයන්ද් හි රන්වන දැකගත මන මෙසී මා

අදහස -
තමා  දුටුවෙකු වී යන්නට සිහිගිරියට පැමිණියෙමි. එහෙත් සීගිරියෙහි රන්වනිය දුටු විට මාගේ මනස ඇයට බන්ඳුනි.


8. නැගී සිහගිරි සිහිකොට ගීයක් බදනා
    බතිමි නැගී නුයුන් මන ගන්නනට් ජනා

අදහස -
සීගිරියට නැගී යම් යම් දේ සිහිකොට ගීයක් බදනා මම බතිමි.ජනයාගේ නෙත සිත ගන්නා කතුන්ට ගෙයක් නැත.


            

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම

තේරවිලි තෝරමු