ජීවිතය.....
ජීවිතය.....
මරණ හයක් දැක දැක වුව
ඔබ ජීවිතය ඇත
නොහැරියා ය .
ජිවිතය යනු
මරණය එළඹෙන
තෙක් ම
සොඳුරු ලෙස
හා
අරුතක් ඇතිව
ව ගෙවිය යුත්තක් බව
පටාචාරා ලොවට
කියා දුන්නා
ය .
සැමියාට
දෂ්ට කළ නාගයත්
ලේ කැටියා,ඔසවා
ගත උකුස්සාත්
පුංචි පුතා
බිලිගත්
මහා අචිරවති
ගංගාවත්
පාටචාරාවගේ
දිරිය දැක
සසල වුවෝ ය .
පාටාචාරවගේ පරම්පරාවේ
අපි දු
නාගයාට
උකුස්සාට
ගංවතුරට
සොබාදහමට
එරෙහි ව ජීවිතය
සොයා යා යුතු
වෙමු .......
Comments
Post a Comment