Posts

Showing posts from February, 2018

රසම රස චොකලට් පෙත්තේ කතාව

Image
        රසම රස චොකලට් පෙත්තේ කතාව                            පුංචි පුංචි රස දේවල් කන්න අපි කවුරුත් ආසයි.පොඩි අය වගේම ලොකු අයත් රස දේවල් කන්න ආසයිනේ.චොක්ලට් කියන්නෙත් ඒ වගේම රසම රස කෑමක්. ම්.......ම් .....මතක් කළත් කන්න ආසයි නේද? ඔබ කොයිතරම් චොකලට් කෑවත්,චොකලට් පෙත්තේ කතාව අහල නෑ නේද?ඉතින් අද ඔයාලට ඒ කතාව දැන ගන්ඩ පුළුවන්.කියවලාම බලන්නකෝ මේ චොකලට් පෙත්තේ කතාව .          චොකලට්වල උපත          චොකලට් පිළිබඳව මුල්ම ලිපිලේඛන හමුවන්නේ ක්‍රි.පු 1100 දී පමණ ය.ක්‍රි.පූ 1600 දී පමණ චොකලට් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ තිබේ.චොක්ලට් නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා ඇටවලින්,මෙම ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ‘තියබ්‍රොමා කොකෝවා’ යන්න යි.මීසෝ ඇමෙරිකානුවන් චොකලට් පානය කළ බවට සාධක හමුවේ.මායා ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාරවල ද උත්සව කටයුතු සඳහා චොකලට් භාවිතා කර තිබේ.එමෙන් ම ඇස්ටෙක් ජනයා මෙය xocolatl ලෙස හඳුන්වා තිබේ.එහි අරුත ‘තිත...