ස්වභාවධර්මයේ අපූරුව
ස්වභාවධර්මයේ අපූරුව
ලෝකයේ ලොකුම මල -රැෆ්ලේසියා
අප්‍රසන්න දුගදකින් යුත් මෙම මල මීටර් 1.05 ක් තරම්
විශාලව වැඩෙන අතර බරින් 7
kg ක් පමණ වේ .
ලොව විශාලතම වැසි වනාන්තරය ඇමසන්
අක්කර බිලියන 1.7 ක් වන ඇමසන්
ද්‍රෝණියෙන් අක්කර බිලියන 1.4 ක් පුරා
පැතිර ඇත.බ්‍රසීලයෙන් වැඩි ප්‍රමනයක් ද පේරු රටින් යම් ප්‍රමාණයක්ද මෙය පැතිර
ඇත.ක්ෂීරපායි විශේෂ 427ක්,උරගයන් 378 ක්,උභය ජීවීන් 423 ක්, පක්ෂීන් 1294 ක් ද,මත්ස්‍ය විශේෂ
3000 ක් ද,ශාක 400000කට වැඩි ප්‍රමාණයක්
ද ජීවත් වේ.
උසම දිය ඇල්ල - ඒන්ජල්
මෙම දිය ඇල්ල වෙනිසියුලාවේ පිහිටා ඇත.උසින්
අඩි 3212 වන අතර
මීටරවලින් 979 ක් උසය. මෙය
කැනියිමා වනෝද්‍යානයේ පිහිටා ඇත.1935දී ගුවනින් සංචාරය කළ ජේම්ස් ඒන්ජල් මෙම දිය
ඇල්ල සොයාගෙන ඇත.
ලොව විශාලම පක්ෂියා - පැස්බරා
බරින්
75 Kg ක් පමණ ද උසින් මීටර් 3 පමණව මෙම යෝධ
පක්ෂියාට ඉගිලිය නොහැකිය. වේගයෙන් දිවිය හැකි පක්ෂියා ද වන්නේ පැස්බරාය.
ශක්තිමත් පා යුගලක් ඊට උදව් සපයයි. දිගු බෙල්ලක් මෙන් ම ශක්තිමත් හොටයක් ද
හිමිය.ලොව විශාලම බිත්තරය දමන්නේද පැස්බරාය
උසම කන්ද එවරස්ට්
නේපාලයත්,ටිබෙටයත්,චීනයත් අතර දේශසීමාවට
මායිම්ව පිහිටි හිමාලය කඳු පන්තියට අයත්ව එවරස්ට් පිහිටයි. උස මුහුදු මට්ටමේ සිට
අඩි 29141 ක් වේ.
ජනවාරි මස උෂ්ණත්වය 76 F වේ. මෙය
සෑම පාසාම උසින් වැඩි වේ. එවරස්ට් තරණය කළ මුල්ම මිනිසුන්
වුයේ එඩ්මන් හිලරි හා නේපාල ජාතික ටෙන්සින් නෝර් ය.
ලොව දිගම ගංගාව නයිල්
දිගින් කිලෝමීටර 6695 ක් දිගින් යුත් නයිල්
ගංගාව ටැන්සානියාව,බ්‍රරැන්ඩි,උගන්ඩාව ,කෙන්යාව ,ඉතියෝපියාව ,සුඩානය ,ඊජිප්තුව යන රටවල් පසු
කරමින් විත් මධ්‍යධරණී මුහුදට එක් වේ. මෙය
නයිල් හා නිල් නයිල් යන ද්විත්ව ගංගා එක වීමෙන් සෑදෙයි.
විශාලම ක්ෂීරපායි සත්ත්වයා නිල් තල්මසා
නිල් තල්මසා ලොව විශාලම හා බරින් වැඩිම
සතාය. මීටර 35 ක් පමණ
දිගින් වැඩේ. වැඩුණු තල්මසෙක් බරින් ටොන් 190 කි.
ලොව විශාලම උරගයා
දිගින් මීටර 10 ක් පමණ ද
බරින් 110 kg ක් පමණ වන
ඇනකොන්ඩා විෂ රහිත සර්පයෙකි. විෂ දළ
නොමැත. ගොදුර වටා දරණ ගසා අඩපණ කර ගිල දමයි. දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව
ජීවත් වේ. වසර 30 කට වැඩි ආයු
කාලයකට හිමිකම් කියයි. පිහිනීමේ ශූරයෙකි.බිත්තර සිරුර තුළම පුපුරා බාහිරට එන්නේ පැටවුන්ය.වරකට බිත්තර
10 - 100 ක් දක්වා ප්‍රමාණයක්
දමයි.
ලෝකයේ සජීවීව පවතින උසින් වැඩිම ශාකය කෝස්ට්
රෙඩ් වුඩ්
කෝස්ට් රෙඩ් වුඩ් ශාකය සජීවී උසින් වැඩිම
ශාකයයි. කැලිෆෝනියාවේ මොන්ටිගෝ මෙරි ප්‍රදේශයේ ඇති මෙම ගස උසින් 112.01 ක් පමණ උසය.
ලොව වේගවත්ම සත්ත්වයා
බිලාල කුලයට අයත් චීටා ගේ හිස කුඩාය.බරින් 65 kg පමණ වන අතර උස 81
cm ක් පමණ වේ.දිගින් 121
- 142 cm පමණද වලිගය 70.81
cm පමණද වන චීටාගේ වේගය පැයට සැතපුම් 71 කි. එම වේගය මීටර 274 ක් පමණ දුර ඒකාකාරීව
පවත්වා ගැනීමට හැකිය.










Good job
ReplyDeleteGood job
ReplyDelete